තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් එකට වැඩකරන්න අමෙරිකා-ශ්‍රී ලංකා එකඟත්වයක්

    සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් එකට වැඩකරන්න අමෙරිකා-ශ්‍රී ලංකා එකඟත්වයක්

    ඉන්දියන් සාගරයේ ආරක්ෂිත සමුද්‍රීය කලාපයක් සහතික කිරීමට නීති මත පදනම් වූ ජාත්‍යන්තර සම්මතයට අනුව එක්ව කටයුතු කිරීමටත් සමුද්‍ර ආරක්‍ෂාව සම්බන්ධයෙන් අඛණ්ඩව සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීමටත් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව තීරණය කර තිබේ.

    අද( 23) දින කොළඹදී පැවති සිව්වන ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේදී මේ බව සාකච්ඡා කර ඇති අතර ඉන් අනතුරු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය මගින් මේ බව කියාසිටියි.

    නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

    වත්මන් තත්වය තුළ නාවික ගමනාගමනය සහ ගුවනින් පියාසර කිරීමේ නිදහස ප්‍රවර්ධනය කරන නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන එක්සත් ජනපද උපායමාර්ගය වැදගත් මුලපිරීමක් ලෙස මෙහිදී සාකච්ඡා වී ඇත.

    ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සහ මානුෂීය සහ පශ්චාත් ආපදා අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද King Air වැඩසටහන පිළිබඳ මෙහිදී අමෙරිකානු රජයේ අවධානය යොමුව තිබේ.

    නාවික කලාපයේ සිදුවන ජාවාරම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා එක්සත් ජනපදයේ සහාය ශ්‍රී ලංකාව මෙහිදී පිළිගත්තේය.

    ආර්ථික සමෘද්ධිය, තිරසාර සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් මෙහිදී දෙරටේ හවුල්කාරිත්ව කැපවීම පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව එම පාර්ශ්වයන් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙයි.

    අමෙරිකාව දැනටමත් ශ්‍රී ලංකා අපනයන වෙළෙදපොළවල් අතරින් විශාලතම වෙළඳපොළයි. සාකච්ඡාවේදී නියෝජිත කණ්ඩායම් දෙකම වෙළඳපල ප්‍රවේශය, ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ ඔවුන්ගේ අභිප්‍රාය යළිත් අවධාරණය කළහ.

    අමෙරිකාව කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීමේ අවස්ථා වැඩි දියුණු කිරීමට සැදීපැහහැදී සිටින බව ඇය ප්‍රකාශ කළේය.

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා.

    ඒ සඳහා, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, විශේෂයෙන් කාන්තාවන් සතු ව්‍යාපාරවලට ආධාර කිරීම සඳහා නිර්මාණය කර ඇති ණය සඳහා ඩොලර් මිලියන 265 දක්වා වැඩි කර ඇති එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) භූමිකාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගත්තේය.

    විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ පළමු ව්‍යාපාරික ත්වරකය දියත් කිරීම සඳහා එක්සත් ජනපද අරමුදල් සැපයීම ශ්‍රී ලංකාව ද අගය කළේය.

    වසර පහක් සඳහා වන ඩොලර් මිලියන 19 ක ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහනක් සහ පාවෙන සූර්ය බලාගාරයක් සඳහා වන සහයෝගය ඇතුළුව ශ්‍රී ලංකාවේ ඉලක්ක සපුරා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක එක්සත් ජනපදයේ ප්‍රදාන ආධාර ද මෙහිදී ඇගයීමට ලක් විය.

    2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සියයට 70ක් විදුලිය නිපදවීම සහ 2050 වන විට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සඳහා වන ඉලක්ක ද මෙහිදී අමෙරිකානු රජයේ ඇගැයීමට ලක්ව ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img