Home උණුසුම් පුවත් සිරකරු ඝාතනයට බන්ධනාගාර නිලධාරීහු දෙදෙනෙක් අල්ලති

සිරකරු ඝාතනයට බන්ධනාගාර නිලධාරීහු දෙදෙනෙක් අල්ලති

0
සිරකරු ඝාතනයට බන්ධනාගාර නිලධාරීහු දෙදෙනෙක් අල්ලති

සිරකරුවෙකුට පහරදී ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් ඇඹිලිපිටිය කදුරුගස් ආර එළිමහන් සිරකඳවුර භාරව සිටි බන්ධනාගාර නියාමකවරයා සහ ජේලර්වරයා ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය අධිකරණය නියෝග කළේය.

ඇඹිලිපිටිය කදුරුගස් ආර එළිමහන් සිරකදවුරේ රඳවා සිටියදී මාස දෙකකට පෙර මිය ගිය සිරකරුගේ මරණය සිදුව ඇත්තේ පහරදීමකින් බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරුවීමත් සමඟ අධිකරණ නියෝගයකට අනුව ඇඹිලිපිටිය පොලීසිය විසින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

රුපියල් 10,000 ක මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් වරදකරුවෙක් වෙමින් වසර 03ක කාලයක් බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියමවූ ඉමදූවේ පදිංචි 49 වියැති පුද්ගලයෙක් එළිමහන් සිරකදවුරේදී ඝාතනය වන්නේ ඉකුත් ජනවාරි 13 වෙනිදාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here