
චීනය විසින් ෆොසිල ඉන්ධන භාවිත අඩු කරමින් පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ඉහළ දෑමීමට සැලසුම්කර ඇති බවට වාර්තාවේ.
ලොව වැඩිම හරිතාගාර වායු විමෝචකයා වන්නේ චීනය වන අතර ඒ අනුව චීන රජය විසින් 2030 වන විට සිය කාබන් විමෝචනයේ ඉහළම මට්ටමට පැමිණිය හැකි බවට ප්‍රකාශ කර ඇත.
මේ අතර චිනය විසින් 2060 වර්ෂය වන විට කාබන් මධ්‍යස්ථභාවයකට ලඟාවන බවද චීන රජය සඳහන් කරයි.
‟අපි විසින් බලශක්ති ව්‍යුහය යල සැකසීමට කටයුතු කරනවා. ඒ වගේම කාබන් විමෝචනය අවම කිරීමත් බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරන කොමිසම සඳහන් කරයි.
ලොව වැඩියෙන්ම ඛණිජ තෙල් ආනයනකරුවා වන්නේද චීනය වන අතර පරිසර හානි සම්බන්ධයෙන් චීන ඉතා අඩු අවධානයක් යොමු කරයි.