Home උණුසුම් පුවත් ඩිජිටල් හැදුනුම්පතට ඉන්දියාවෙන් අතහිත

ඩිජිටල් හැදුනුම්පතට ඉන්දියාවෙන් අතහිත

0
ඩිජිටල් හැදුනුම්පතට ඉන්දියාවෙන් අතහිත

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයෙන් ඉන්දියානු රුපියල් මිලියන 300 ක ප්‍රධානයක් ලබාදීමට එකඟතාව පළකර ඇතැයි අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මන්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඉන්දියානු රුපියල් මිලියන 300ක ප්‍රධානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.

එකී ප්‍රධානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇති අතර කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here