Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර සිරකරු හුවමාරුව ක්

ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර සිරකරු හුවමාරුව ක්

0
ශ්‍රී ලංකාව හා ඉතාලිය අතර සිරකරු හුවමාරුව ක්

ශ්‍රී ලංකා අධිකරණයක් විසින් වරදකරු කර, දඬුවම් පමුණුවා, බන්ධනාගාරගත කරන නිශ්චිතව සඳහන් වෙනත් රටක පුරවැසියෙකුට, එම දණ්ඩනය එම තැනැත්තා පුරවැසියෙකු වන රට තුළදී විඳීමට හැකි වන පරිදි අදාළ රටට භාර දීම සඳහා වන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතේ ඇතුළත්ව තිබේ.

ඒ අයුරින්ම වෙනත් රටකදී දඬුවම් පමුණුවන ලද ශ්‍රී ලාංකික පුද්ගලයෙකු මෙරටට භාර ගැනීමට හැකිවන විධිවිධාන ද එකී පනතේ ඇතුළත්ව ඇත.

එලෙස කටයුතු කිරීම පිණිස දෙපාර්ශව අතර වරදකරුවන් හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා අදාළ රට අතර ගිවිසුමකට එළඹ තිබීම අත්‍යවශ්‍ය වේ.

ඒ අනුව, දඬුවම් නියම වූ තැනැත්තන් භාර දීමට සහ භාර ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජ‍ය සහ ඉතාලි රජය අතර ගිවිසුමක් අත්සන් තැබීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here