Home උණුසුම් පුවත් මෙරට ධිවර වරාය සංවර්ධනයට ඉන්දීය රජයේ සහය

මෙරට ධිවර වරාය සංවර්ධනයට ඉන්දීය රජයේ සහය

0
මෙරට ධිවර වරාය සංවර්ධනයට ඉන්දීය රජයේ සහය

ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේය.

අන්‍යයෝන්‍ය එකඟතාව මත තෝරාගනු ලබන ස්ථානයන්හි ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා සහාය වීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, පේදුරුතුඩුව, පේසාලේ, ගුරුනගර්, බලපිටිය සහ වෙනත් අන්‍යයෝන්‍ය වශයෙන් එකඟ වනු ලබන ස්ථානයන්හි ධීවර වරායන් සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජයේ සහාය ලබා ගැනීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here