Home උණුසුම් පුවත් ජනපතිගෙන් කටාර් පාලකවරයාට ඇමතුමක්

ජනපතිගෙන් කටාර් පාලකවරයාට ඇමතුමක්

ජනපතිගෙන් කටාර් පාලකවරයාට ඇමතුමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ කටාර්හි පාලක අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි මහතාට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

එහිදී ඔවුන් දෙරට අතර සහයෝගීතාව, එක් එක් අංශ ඔස්සේ සහාය විය හැකි ආකාරයන් සහ සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව සාකච්ඡා කළ බව කටාර් පාලකවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත.

මෙම ඇමතුමේදී දෙපාර්ශ්වය විසින් පොදුවේ උනන්දුවක් ඇති කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව එහි දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here