රටේ පවතින අර්බුද පිළිබඳව සාකච්ඡාමය විසඳුමකට ඒම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඇතුළු පක්ෂ පහක් සහභාගි නොවන බවට මේ වන විට නිවේදනය කර තිබේ.
ඊට සහභාගි වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දී ඇත.
ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය ද මෙම සමුළුවට සහභාගි නොවන බවට එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසා ඇත.
ජනතා විමුක්ති පෙරමුණ ද ඊට සහභාගී නොවන අතර විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය ද ඊට සහභාගි නොවන බව පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ඒ පිළිබඳ ප්‍රකාශයක් කර නැත.
සමුළුවට සහභාගී නොවන බව සමඟි ජන බලවෙිගය ද පවසයි.
එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සදහන් කළේ රට වෙනත් දිශාවකට ගෙන යමින් ජනතාව නොමඟයැවීමේ අරමුණින් ආණ්ඩුව මෙය සංවිධානය කරන බවයි.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ආණ්ඩුව අනුගමනය කළයුතු පියවර සම්බන්ධ යෝජනාවලියක් ඉදිරියේදි ප්‍රකාශයට පත්කර බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
STOP MY MESSAGES