Home උණුසුම් පුවත් රුපියල් 20 සමරු කාසි දෙකක් – භාවිතයටත් ටිකක්

රුපියල් 20 සමරු කාසි දෙකක් – භාවිතයටත් ටිකක්

රුපියල් 20 සමරු කාසි දෙකක් – භාවිතයටත් ටිකක්

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරිම නිමිත්තෙන් රුපියල් 20ක මුහුණුක වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කෙරේ.

කොළඹ විශ්විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එල්, විජේරත්න හෙත්මිය සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාගය රාජපක්ෂ මහතා වෙත සමරු කාසි පිළිගැන්වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විද්‍යාත්මක පදනමකින් පවත්වන ලද ජන හා නිවාස සංගණනයේ 150 සංවත්සරය නිමිත්තෙන් මුහුණත වටිනාකම රුපියල් 20කින් යුත් සංසරණ සම්මත සමරු කාසියක් නිකුත් කර තිබේ.

නිකල් ආලේපිත වානේ කාසියක් වන මෙය පැති 7ක හැඩයකින් යුක්ත වන අතර විශ්කම්භය මිලි මීටර් 28කින් හා ඝනකම මිලි මීටර 2කින් යුක්තය.

මෙම කාසි ලක්ෂ 20ක් සංසරණය සඳහා නිකුත් කිරීමට අපේක්ෂිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here