Home දේශීය පුවත් ගෑස් පෝලිමේ සිටි ජනතාවගෙන් රාජ්‍ය ඇමති කන ක හේරත්ට දැඩි විරෝධයක්

ගෑස් පෝලිමේ සිටි ජනතාවගෙන් රාජ්‍ය ඇමති කන ක හේරත්ට දැඩි විරෝධයක්

0

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට කෑගල්ලේ ගෑස් පෝලිමක සිටි ජනතාවගෙන් අද දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

ඒ් කෑගල්ල රංවල හන්දියේදීය.

කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් වාහනය රංවල හංදිය පසුකර ගමන්කරමින් තිබියදී මෙම විරෝධය ඇතිව තිබේ.

කෑගල්ලේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිතයා වන්නේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා බව සඳහන්ය. ගෑස් ලබාගැනීමට පෝලිමේ සිටි ජනතාව කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ගයේ ගමන් කරනු දැක විරෝධය දක්වා ඇති බව කෑගල්ලේ පොලිස් ප්‍රධානියෙක් සඳහන් කළේය.

ඒම අවස්ථාවේදී පුද්ගලයෙක් තමන් අත තිබූ ගෑස් ටැංකියක්ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයාගේ වාහනය දෙසට විසිකර ඇති බවට තොරතුරු ඇතැයිද ඒම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here