Home උණුසුම් පුවත් චීනයේදී 132ක් සමඟ යානයක් කඩාවැටෙයි

චීනයේදී 132ක් සමඟ යානයක් කඩාවැටෙයි

චීනයේදී 132ක් සමඟ යානයක් කඩාවැටෙයි

පුද්ගලයින් 132 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් අද පස්වරුවේ දකුණු චීනයේ ගුවාන්ෂි ෂුවැන්ග් ස්වයං පාලන ප්‍රදේශයේදී කඩා වැටී ඇත.

කෙසේවෙතත් මෙම අනතුරින් මේ වන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව හෝ මරණයට පත්ව ඇති සංඛ්‍යාව මේ වන තෙක් තහවුරු කර නොමැති බවයි චීන මාධ්‍ය ප්‍රකාශ කළේය.

කුන්මිං සිට ගුවැන්ෂු දක්වා පියාසර කළ චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් හි බෝයිං 737 ගුවන් යානය වුෂෝ නගරයේ ටෙන්ෂියන් ප්‍රාන්තයේදී කඩා වැටීමෙන් කඳුකරයේ ගින්නක් ඇති වූ බව කලාපීය හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

පුද්ගලයින් 132 දෙනා අතර මගීන් 123 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු වන බව චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

චීන මාධ්‍ය පැවසුවේ අදාළ ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව එම ප්‍රදේශයේ පැතිර ගිය ලැව් ගින්නක් හේතුවෙන් මතු වූ අධික දුමාරය විය හැකි බවට යි.

තුවාල ලැබූවන් ක්ෂණිකව දැන ගැනීමට නොහැකි වී ඇති අතර ආපදා කණ්ඩායම් මේ ඒ වන විටත් එහි ගොස් ඇතැයි එරට වාර්තා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here