තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය සාගර කලාපයේ මත්ද්‍රව්‍ය- අවි ජාවාරම් ඉහළට- පොලිස් ඇමති ඉන්ටර්පෝල් ප්‍රධානියාට කියයි

    ඉන්දීය සාගර කලාපයේ මත්ද්‍රව්‍ය- අවි ජාවාරම් ඉහළට- පොලිස් ඇමති ඉන්ටර්පෝල් ප්‍රධානියාට කියයි

    මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සහ ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි අතර හමුවක් ඩුබායි එහිදී සිදුව තිබේ.

    අපරාධ හා ත්‍රස්තවාදී අනතුරු මැඩලීම, නීතිය ක්‍රියාත්මක කිරීම වර්ධනය කිරීම යන මාතෘකා ප්‍රධාන වශයෙන් මෙම හමුවේදී සාකච්ඡාවට යොමු වූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

    තලේබාන්වරුන් 2021අගෝස්තු මස 15 වන දින ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඉන්දීය සාගර කලාපයේ සිදුවන මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් වර්ධනය වී ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආචාරය සරත් වීරසේකර මහතා මෙහිදී පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම සුදුසු බව ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතා පැවසූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    පාස්කු ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර පොලීසිය මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය මෙන්ම ලියොන් හා සිංගප්පූරුව වෙතින් දේශීය ආයතන හා එක්ව ක්‍රියාත්මක කිරීමට මෙරටට එවන ලද කණ්ඩායම් විසින් සිදුකරන ලද සේවාව පිළිබඳව පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියාට සිය ස්තුතිය පළ කර තිබේ.

    ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් කටයුතු ඉහළ නැංවීමට, ත්‍රස්තවාදී හා අන්තවාදී තර්ජන හඳුනා ගැනීමට, නීතිය ක්‍රියාත්මක කිරීමේදී එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම සහ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img