මීරිගම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක් අසල අද උදෑසන පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇත.
මිරිගම පොලිසිය සඳහන් කරනු ලැබුවේ මීරිගම පදිංචි 76 හැවරදි වියේ පසුවූවෙක් මෙසේ මියගොස් ඇති බවය.
ත්‍රී රෝද රථයකින් සිය ඥාති පුත්‍රයෙක් සමඟ ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇති ඒම පුද්ගලයා ත්‍රී රෝද රථයට ඉන්ධන ලබාගෙන බූලියකටද ඉන්ධන පුරවාගෙන එය ත්‍රීරෝද රථයට පටවාගන්නා අවස්ථාවේදී ඔහු ඇද වැටී ඇති බව පොලීසිය කියයි. ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙක් ඒම අවස්ථාවේදී වහාම මැදිහත්ව එම පුද්ගලයාව මීරිගම රෝහලට ඇතුලත්කර තිබේ. මෙම පුද්ගලයා හෘද රෝගියෙක් බවද පොලීසිය සඳහන් කරයි.
මෙම සිදුවීම වන අවස්ථාවේදී ඉන්ධන පිරවුම් හලේ දිගු පෝලිමක් නොතිබුණු බව පොලීසිය කියයි.
මහනුවර ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් පෝලිමක රැදී සිටි පුද්ගලයෙක් පෙරේදාද කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටි පුද්ගලයෙක් ඊයේද මිය ගියේය.