Home උණුසුම් පුවත් බිරිය ගැටගසා සැමියා ඝාතනය කර නිවසක් කොල්ල කෑ 02ක් අල්ලයි

බිරිය ගැටගසා සැමියා ඝාතනය කර නිවසක් කොල්ල කෑ 02ක් අල්ලයි

0
බිරිය ගැටගසා සැමියා ඝාතනය කර නිවසක් කොල්ල කෑ 02ක් අල්ලයි

තලාහේන සිසිලපුර නිවසකට කඩාවැදී නිවෙස් හිමියා ඝාතනයකර රන්භාණ්ඩ කොල්ලකෑ සැකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමත්ව ඇත.

මෙම කොල්ලය සිදුවන්නේ ඉකුත් 16 වෙනිදා උදෑසනය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 81 වියේ පසුවූ අයෙකි. ඔහුගේ බිරිද ගැටගසා සැමියාව ඝාතනය කරමින් මෙම කොල්ලය සිදුකර තිබුණි. කොල්ලකරුවන් පැමිණ ඇත්තේ මුහුණු ආවරණයකරගෙනය.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත වෙමින් ආරක්ෂක කැමරා දර්ශනද යොදාගෙන බොරැල්ල වනාතමුල්ලේ ටී 20 වත්තේ පදිංචිව සිටි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ් එක් අයෙකුගේ හැදුණුම්පතේ ඔහු පදිංචි ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ කැලණිය ගෝනවල ලෙසිණි. පොල් ගස් නැගීම වෘත්තියකරගත් ඔහු අධික ලෙස මත්පැන් ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී සිටින්නෙක් බව පොලීසිය කියයි. සෞදියේද රැකියාවක නරතව සිට ඇති ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසාම අවස්ථා කිහිපයකදීම පොලීසියට කොටුවූවෙකි. වසර 10ක් පුරාවටම ඔහු තලාහේනේ කොල්ලය සහ ඝාතනය සිදුවූ නිවසේ පොල් කැඩීමේ නිරතව සිටින බවද අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පොලීසියට වරක් ඔහුව හසුවූ අවස්ථාවකදී අධිකරණ නියෝගයකින් ඔහුව පුනරුත්ථාපනයට යොමුකර ඇති බවත් එහිදී ඔහුට වනාතමුල්ල ටී 20 වත්තේ පදිංචිකරුවෙක් හමුවී ඔහු සමඟ මිතුරු වී ඇති බවත් පොලීසිය කියයි. එම මිතුරුකම හේතුවෙන් කැලණියේ පුද්ගලයාද කාලක් තිස්සේ පදිංචිව සිටින්නේ වනාතමුල්ලේ පුද්ගලයාගේ නිවසේ බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

ටී 20 වත්තේ මළ ගෙදරක නිදි මරමින් සිටියදී ඉකුත් 15 වෙනිදා රාත්‍රී කාලයේ මොවුන් දෙදෙනා මෙම නිවස කොල්ලකෑමට සැළසුම්කර ඇති බවත් 16 වෙනිදා අලුයම ඒහි පැමිණ ගබඩාකාමරයේ සැගවී සිට පෙරවරු 9.30 ට පමණ මෙම කොල්ලය සහ ඝාතනයකර පළාගොස් ඇති බවත් පොලීසිය කියයි.

එහිදී කොල්ලකෑ රන් මුද්දක් එදින පෙරවරුවේ දෙමටගොඩ උකස් මධ්‍යස්ථානයකට අලෙවිකර රුපියල් 31,000ක් ලබාගෙන එයින් මත්කුඩු භාවිතාකර ඇති බවත් පොලීසිය කියයි. සෙසු රන් භාණ්ඩ මොවුන් දෙදෙනා බෙදාගෙන ඇති අතර ඒ්වාද පොලීසිය සොයාගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා හමුදා වෛද්‍ය බලකායේ සේවයකළ අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here