Home උණුසුම් පුවත් ශ්‍රී දළදා මාළිගා ‍ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ පාකිස්ථාන මණ්ඩපය අලුත් වෙයි

ශ්‍රී දළදා මාළිගා ‍ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ පාකිස්ථාන මණ්ඩපය අලුත් වෙයි

ශ්‍රී දළදා මාළිගා ‍ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ පාකිස්ථාන මණ්ඩපය අලුත් වෙයි

ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ පකිස්තාන ඉතිහාස බෞද්ධ මණ්ඩපය යාවත්කාලීන කිරීම සහ සංවර්ධනය කිරීම කෙරෙහි පාකිස්ථාන රජයේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බර්ක් මහතා මේ පිළිබඳ අවධානය යොමු කර ඇත්තේ එහි සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

පකිස්ථානයේ බෞද්ධ සාරධර්ම ඇති ස්ථාන පිළිබඳ තොරතුරු වෙත ප්‍රවේශ වීමට අමුත්තන්ට මෙම මණ්ඩපය කදිම අවස්ථාවක් සපයයි.

ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටක් වුවද, පාකිස්තානයේ ජනතාව සහ රජය අනෙකුත් ආගමික ප්‍රජාවන්ට අයත් උරුම ස්ථාන සහ පූජනීය ස්ථාන සංරක්ෂණය කර ඇත.

පකිස්තාන මණ්ඩපය ගන්ධාර සහ තක්ෂිලා යන කුටි දෙකකින් සමන්විත වේ. මෙම ස්ථානවලදී ඓතිහාසික බෞද්ධ ස්මාරකවල අනුරූ එහි අඩංගු වේ.

එහි තිබෙන දුෂ්කර ක්‍රියාවේ යෙදෙන බුද්ධ ප්‍රතිමාව පකිස්ථානයේ ගාන්ධාර උරුමයේ නිරූපකයකි.

ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසේ තැනූ මෙහි මුල් ප්‍රතිමාව පාකිස්තානයේ ලාහෝර් කෞතුකාගාරයේ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here