Home උණුසුම් පුවත් කොට උඩ තිබූ වාර විභාගත් ඉන්දීය ණයෙන් ගොඩ

කොට උඩ තිබූ වාර විභාගත් ඉන්දීය ණයෙන් ගොඩ

කොට උඩ තිබූ වාර විභාගත් ඉන්දීය ණයෙන් ගොඩ

බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය ලබන 29වනදා සිට කාණ්ඩ 3කින් පැවැත්වීමට තීරණය කර ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඒ අනුව බස්නාහිර පළාතේ 11 වන ශ්‍රේණි සඳහා පළාත් මට්ටමිනුත්, 9 සහ 10 ශ්‍රේණි කලාප මට්ටමින් සහ 6, 7 සහ 8 ශ්‍රේණී සඳහා පාසල් මට්ටමිනුත් වාර විභාග පැවැත්වීමට නියමිත බවය.

සෙසු පළාත්වල වාර විභාග පැවැත්වීමට ඒ, ඒ පළාත් මට්ටමින් කිසිදු බාධාවකින් තොරව සිදු කරන බව, මේ වනවිට දැනුම් දී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

අධ්‍යාපනයට අවශ්‍ය කඩදාසි සපයා ගැනීමේ යම් ගැටලුවක් වෙතොත් ඉන්දීය ණය පහසුකම යටතේ එම කටයුතු සම්පුර්ණ කිරීමට ජනාධිපති ලේකම්වරයා මේ වනවිටත් එකඟ වී ඇතැයිද අධ්‍යාපන ලේකම්වරයා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here