Home උණුසුම් පුවත් සුළි කුණාටුවක් – මුහුදු යන්න එපා

සුළි කුණාටුවක් – මුහුදු යන්න එපා

සුළි කුණාටුවක් – මුහුදු යන්න එපා

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේ‍ශය ආශ්‍රිතව දැනට පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48ක පමණ කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැවත දැනුම් දෙන තුරු ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

ඌව පළාත, මඩකලපුව, සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (20) පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40 පමණ දක්වා වැඩි විය හැකි බව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here