Home උණුසුම් පුවත් රටවිරුවන්ට – අපනයනකරුවන්ට මහ බැංකුවෙන් පණිවිඩයක්

රටවිරුවන්ට – අපනයනකරුවන්ට මහ බැංකුවෙන් පණිවිඩයක්

රටවිරුවන්ට – අපනයනකරුවන්ට මහ බැංකුවෙන් පණිවිඩයක්

විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමිනි.

විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවයට ඉඩහැරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම් දිරි ගැන්වීම සඳහා ලබාදුන් දිරි දීමනා මට්ටම ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්‍රමිකයින්ගේ විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ඉහළ ප්‍රතිලාභයක් මෙන්ම, අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇත.

නවතම නිල දත්තවලට අනුව, 2022 වසරේ මාර්තු මාසයේදී, විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළ යෑම හේතුවෙන්, විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් දැනටමත් පෙන්නුම් කර ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here