විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද(18) දින ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම සමඟ නිල නොවන සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමට කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ එක්සත් රාජධානිය නියෝජනය කරයි.