
ඉන්දියාවෙන් ආනයනය කළ මෙතෙක් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ භාණ්ඩ කඩිනමින් නිදහස් කරගැනීම සදහා තොරතුරු ලබාගැනීමේ වැඩපිලිවෙලක් වෙළද අමාත්‍යාශය විසින් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ, සිමෙන්ති, රෙදිපිලි, සත්ව ආහාර, කර්මාන්ත සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය විශේෂිත පොහොර වර්ග යන භාණ්ඩ නිදහස් කර ගැනීම මූලිකත්වය දීමට නියමිතය.
ඉන්දියාවෙන් ආනයනය කළ මෙවැනි භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු 0772070098/ 0718390564 හෝ 0718246920 යන දුරකතන අංකවලට ලබාදෙන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටි.
තොරතුරු අනුව වෙළද අමාත්‍යාංශයේදී ලියාපදිංචි කිරීමක් සිදු කරන බව ද වෙළද අමාත්‍යාංශය දැනුම් දෙයි.