Home උණුසුම් පුවත් අලුත් සහල් මංගල්‍යය ලබන 3 වැනිදා ජය ශ්‍රී මහා බෝ අභියස දී

අලුත් සහල් මංගල්‍යය ලබන 3 වැනිදා ජය ශ්‍රී මහා බෝ අභියස දී

අලුත් සහල් මංගල්‍යය ලබන 3 වැනිදා ජය ශ්‍රී මහා බෝ අභියස දී

55 වන වරටත් පැවැත්වෙවන ජාතික අලුත් සහල් මංගල්‍යය අභිමානවත් අයුරින් ජනාධිපති ගෝඨාභය රාජපක‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 03 වනදා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පැවැත්වීමට නියමිතව තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් ජාතික අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ.

ඒ අනුව 55 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් එකතු කිරීම පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද (18) උදෑසන ආරම්භ කෙරුණි.

මෙම කන්නයේ තමන් නෙළාගත් වී අස්වනු සහල් කර එහි අග්‍රඵලය අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පූජා කිරීම සඳහා දිවයින පුරා සිටින ගොවි මහතුන්හට අද සිට තම ප්‍රදේශයට ආසන්නතම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත භාරදීමට අවස්ථාව සලසා තිබේ.

අදින් ආරම්භ කෙරෙන සහල් එක්රැස්කිරීම ලබන 28 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here