Home අධ්‍යාපනය කඩදාසි හිඟය නිසා බස්නාහිර පාසල්වල වාර විභාගවල වෙනසක්

කඩදාසි හිඟය නිසා බස්නාහිර පාසල්වල වාර විභාගවල වෙනසක්

කඩදාසි හිඟය නිසා බස්නාහිර පාසල්වල වාර විභාගවල වෙනසක්

කඩදාසි හිඟය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පන්තිවල වර්ෂ අවසාන ඇගයීම් විභාග කල් දමා ඇතැයි බස්නාහිර පළාත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා පාසල් ප්‍රධානීන්ට දන්වා තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 9 10 සහ 11 ශ්‍රේණි වල වර්ෂ අවසාන විභාගය අප්‍රේල් මස අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසල් ප්‍රධානීන්ට දන්වා ඇත.

බස්නාහිර පළාතේ පාසල්වල 6 7 සහ 8 ශ්‍රේණිවල වර්ෂාවසාන විභාග පැවැත්වීමට ද කඩදාසි හිඟය බලපා ඇති හෙයින් බස්නාහිර පළාත තුළ ලබාදී ඇති කාලසටහන හෝ පාසල් මඟින් සකස් කර ගන්නා කාලසටහනක් අනුව සුදුසු පරිදි විභාග පැවැත්වීමට පියවර ගන්නැයි ශ්‍රී ලාල් නෝනිස් මහතා පාසල් ප්‍රධානීන්ට කර ඇති ලිඛිත දැනුම් දීමේ සඳහන් වේ .

බස්නාහිර පළාතේ හය 6 7 සහ 8 යන ශ්‍රේණිවල විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් සීඩී තැටියක් සෑම විදුහල්පතිවරයෙකුට ම ලබා දී ඇතත් කඩදාසි හිඟය සහ මුද්‍රණ මිල ඉහළ යාම ආදී ගැටලු පවතින බව විදුහල්පතිවරුන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.

එම නිසා බස්නාහිර පළාතේ පාසල්වල සිසුන්ගේ විභාග පැවැත්වීම අර්බුදයක් බවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here