Home දේශීය පුවත් කුඩ්ඩන්ට මත්වෙන්න වේදනා නාශක අලෙවිකල විශ්‍රාමික රජයේ වෛද්‍යවරයා කොටුවේ

කුඩ්ඩන්ට මත්වෙන්න වේදනා නාශක අලෙවිකල විශ්‍රාමික රජයේ වෛද්‍යවරයා කොටුවේ

0
කුඩ්ඩන්ට මත්වෙන්න වේදනා නාශක අලෙවිකල විශ්‍රාමික රජයේ වෛද්‍යවරයා කොටුවේ

මත්ලෝලීන්ට වේදනා නාශක ඖෂධ කරල් අලෙවි කිරීමේ ඡාවාරමකට සම්බන්ධව සිටි විශ්‍රාමික රජයේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගැනීමට වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බලකය සහ ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය එක්ව කළ මෙහෙයුමකදී සමත්ව ඇත.

කදානේ දුම්රිය පොල පාරේ පිහිටි වෛද්‍යවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානය තුළ මෙම ඡාවාරම ක්‍රියාත්මක වී තිබේ.

දූෂණ මර්දන බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අවේෂණයේ නිරත වීමෙන් අනතුරුව මෙම වැටලීම කර ඇත්තේ අද (18) පෙරවරුවේදීය.

මධ්‍යම දූෂණ මර්දන බලකායේ නිලධාරියෙක් මත්ලෝලියෙක් ලෙස වෙස් වලාගෙන අද පෙරවරුවේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් රුපියල් 5000ක මුදලක් ලබාදෙමින් අදාල ඹෟෂධ කරල් 10 ක් ඉල්ලා තිබේ. එහිදී වෛද්‍යවරයා කරල් 10 වෙනුවට එම මුදලට කරල් 6ක් ලබාදෙමින් රුපියල් 4600 ක මුදලක් අයකරගෙන ඇත.

එම අවස්ථාවේදී අසල රැකවල් ලාගෙන සිටි පොලිස් නිලධාරීන් සහ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට කඩාවැදී වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය පරීක්ෂා කිරීමේදී එහි තිබී එවන් ඹෟෂධ කරල් 1460ක් සොයාගෙන ඇත.

එම ඹෟෂධ පිළිකා රෝගීන්ට සහ බරපතල ශල්‍යකර්ම සිදුකළ රෝගීන්ට වේදනා නාශකයක් ලෙස ලබාදෙන ඹෟෂධයක් බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here