තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැදින් පෝ දා හේන්යාය සමාධි අසපුවේ පැවති දානමය සත්කාරය

    මැදින් පෝ දා හේන්යාය සමාධි අසපුවේ පැවති දානමය සත්කාරය

    ගැබිණි මව්වරුන් 30 දෙනෙකු සදහා විවිධ බඩු භාණ්ඩ බෙදා දීමේ වැඩ සටහනක් පසුගිය පොහොය දින (17) සවස මාදම්පේ – මැදගම,හේන්යාය සමාධි අසපුවේදී සිදු කරන ලදි.

    සමාධි අසපුවේ වැඩ වාසය කරන තඹගල්ලේ රාහුල ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.

    තමන් වහන්සේ වෙත පිරිකර වශයෙන් ලැබෙන කිරි පිටි,සබන්, ආහාර ද්‍රව්‍ය සහ විවිධ දානපතීන්ගෙන් ලද භාණ්ඩ ගැබිණි මව්වරුන් වෙත බෙදා දුන් බව තඹගල්ලේ රාහුල ස්වාමීන් වහන්සේ සදහන් කරයි.

    ඇතැම් දුප්පත් මව්වරුන් දරු ප්‍රසූතියක් සදහා රෝහල් ගත වීමට පෙර තමන්ට අවශ්‍ය දෑ සම්පාදනය කර ගැනීමට ගන්නා උත්සාහය තමන් දන්නා නිසා මෙම කටයුත්ත වසරකට කීප වතාවක් සිදු කරන බවද උන්වහන්සේ කියා සිටියේය.

    නවම් පොහොය දිනය පුරා ගැබිණි මව්වරුන් වෙනුවෙන් සංවිධානය කරන ලද විවිධ ආගමික වැඩ සටහන් කීපයක්ම සමාධි අසපුවේදී සිදු කරන ලදි.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img