තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාස 20ට ගිනි අවි 700ක් එස්.ටී.එෆ්. අල්ලයි

    මාස 20ට ගිනි අවි 700ක් එස්.ටී.එෆ්. අල්ලයි

    පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගෙවී ගිය මාස 20ක කාලය තුළ පමණක් ගිනි අවි 700කට අධික ප්‍රමාණයක් පාතාල කල්ලි සහ විවිධ අපරාධකරුවන් සතුව තිබී සොයා ගැනීමට සමත්ව ඇත.

    ඒ අතර ටී 56 අවි 30ක්, පිස්තෝල 35ක්, රිවොල්වර 14ක්, ෂොට්ගන් 170ක් සහ දේශීය වශයෙන් නිෂ්පාදිත විවිධ වර්ගයේ ගිනි අවි 400කට වැඩි ප්‍රමාණයක් තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයැවීම මත සිදුකරන මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ගිනි අවි සොයා ගැනීමට සමත්ව ඇත.

    මෙම අවි තබාගෙන සිටි පාතාලයට සම්බන්ධ පිරිස් මෙන්ම විවිධ වර්ගයේ අපරාධකරුවන්ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img