තවත්
    මුල් පිටුවදේශීය පුවත්විනෝද චාරිකාවේ ගිය බස් රථ අනතුරෙන් සිසුන් 15ක් රෝහලේ

    විනෝද චාරිකාවේ ගිය බස් රථ අනතුරෙන් සිසුන් 15ක් රෝහලේ

    විනෝද චාරිකාවක් ගිය පාසල් සිසුන් පිරිසක් නැවත සිය පාසල වෙත ගමන් කරමින් සිටි බස් රථයක් අද සවස වලස්මුල්ල හඳුනාගල හිඟුරුවත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් සිසුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

    මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුවන පිහිටි පාසල සිසුන් පිරිසකි. තුවාල ලැබූවන් අතර සිසුන් මෙන්ම සිසුවියන්ද සිටින බව පොලීසිය සඳහන් කරයි. බරපතල තත්ත්වයේ කිසිවෙකුත් තුවාලකරුවන් අතර නොමැති බවත් ඇත්තේ සුළු තුවාල බවත් පොලීසිය සදහන් කළේය.

    අනතුර සිදුවන විට බස් රථයේ සිසුන් 30දෙනෙකු පමණ ගමන් කර ඇති අතර සිසුන් භාරව ගුරුවරුන් සහ දෙමාපියන් කිහිප දෙනෙක්ද ගමන්කර තිබේ.

    පොලීසිය සඳහන් කරනුයේ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් රියදුරුගේ පාලනයෙන් තොරව බස් රථය ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන කණ්ඩියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img