ඩුබායිහී මේ දිනවල පැවැත්වෙන Global SWAT Challange තරගාවලියට සහභාගිවී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම (SWAT) කණ්ඩායම ඔවුන් එහිදී දක්වා ඇති දක්ෂතා හේතුවෙන් දස දෙසින් පැසසුම් හිමි වෙමින් තිබේ.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කරනුයේ ඩුබායි පොලිස් SWAT ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා අලි අබ්දුල්ලා අල් ගිනී මහතා ශ්‍රී ලකාවේ පොලිස් විශේෂ කාර්ය බලකා SWAT කණ්ඩායම ඇඟයීමට ලක්කර ඇති බවය.
ත්‍රස්ත්‍රවාදයට සහ අපරාධ වලට එරෙහිව ක්‍රියා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ශ්‍රී ලංකාව තුල පෙරමුණු කාර්ය භාරයක් ඉටුකර ඇති ශ්‍රී ලංකා පොලීසියේ ඇති විශේෂ ඒකකයකි.
විසි දෙදෙනෙකුගෙන් සමන් විත SWATකණ්ඩායම් දෙකක් මෙම තරගාවලියට සහභාගිවීමට අවස්ථාව ලැබී ඇති අතර ලොව ප්‍රභූ සටන්කාමී පොලිස් ඒකක හා එක්ව තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීම පිළිබදව සහභාගිවී සිටි සියළු දෙනාගේ පැසසුමට විශේෂ කාර්ය බලකාය ලක්වූ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම තරගාවලියට රටවල් 37 ක කණ්ඩායම් සහභාගිවී ඇති අතර පසුගිය 13 වෙනිදා ආරම්භ කෙරුණු තරගාවලිය හෙට (18) දක්වා පැවැත්වේ.
ශ්‍රී ලකා පොලිස් විශේෂ කාර්ය බලකාය මේ සඳහා සහභාගිවී ඇත්තේ පළමු වතාවටය.
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාද මෙම තරගාවලිය නැරඹිමට ගොස් තිබුණි. ඒ ඩුබායි පොලිිස්පති ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා අල් මාරි මහතාගේ ආරාධනාවකට අනුවය.