සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථානවලින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු නොකිරීම හා ප්‍රමාද කිරීම පිලිබඳව කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කල බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසට පවා සූර්ය බලශක්ති පැනල සවිකිරීම සිදු කලද ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය සම්බන්ධතාවය ලබා දීම සඳහා මාස 6 කට අධික කාලයක් ගත වී ඇති බව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේදී නිරීක්ෂණය වූ බව අමාත්‍යවරයා හෙළිකළේය.
මේ බව අනාවරණය වී ඇත්තේ ද මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියාසිටී.
බොහෝ නිවාසවල, ආයතනවල සහ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථානවල උත්පාදනය කරන විදුලිය මෙතෙක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇතැයි අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
ඉදිරියේ දී ඒවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.