Home දේශීය පුවත් දුම්රිය පාපුවරුවෙන් වැටී විදේශිකයා මරුට

දුම්රිය පාපුවරුවෙන් වැටී විදේශිකයා මරුට

0
දුම්රිය පාපුවරුවෙන් වැටී විදේශිකයා මරුට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබුණු උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි ඊජිප්තු ජාතිකයෙක් පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙක් බිමට ඇද වැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (16) ය.

අහමඩ් අබ්දුල් හමීඩි (32) නැමැති ඊජිප්තු ජාතිකයා මෙසේ මරණයට පත්ව ඇත.

සතියකට පමණ පෙර මෙරට සංචාරයක් සඳහා මිතුරන් පිරිසක් සමඟ මෙම සංචාරකයා මෙරටට පැමිණ තිබේ. මෙම සංචාරය ඔහුගේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි.

මෙම සංචාරකයා මුලින්ම ඇතුලත්කර ඇත්තේ නුවරඑළිය රෝහලටය. තත්ත්වය බරපතල වූ බැවින් ඔහුගේ මිතුරන්කොළඹ පෞද්ගලික රෝහලකට ඔහුව රැගෙන ගොස් ඇති අතර මිය ගොස් ඇත්තේ එම රෝහලට ඇතුලත්කර සිටියදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here