තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් ඩොලර් බිලියනයේ ණය ගිවිසුමට බැසිල්ගේ අත්සන අද

    ඉන්දියාවෙන් ඩොලර් බිලියනයේ ණය ගිවිසුමට බැසිල්ගේ අත්සන අද

    ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය රජය අතර අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබාගැනීම සඳහා අද අත්සන් තැබේ.

    ජාතික සංවර්ධනය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසන්නේ අමාත්‍යවරයා අද පස්වරු 3ට අදාළ ගිවිසුමට අත්සන් තබන බවයි.

    මෙමගින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ලැබෙන සහනය මිල කළ නොහැකි බව එම මධ්‍යස්ථානය කියාසිටී.

    මුදල් අමාත්‍යවරයා ඊයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පවත්වා තිබුණි.

    එමෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත.

    මෙරට ජනතාවගේ අවශ්‍යතා සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බවත්, දෙරටේ ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්වු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img