Home උණුසුම් පුවත් දෙමටගොඩ දුම්රිය අංගනයට හදිසියේ ගිය ජනපති කළ දේ..

දෙමටගොඩ දුම්රිය අංගනයට හදිසියේ ගිය ජනපති කළ දේ..

දෙමටගොඩ දුම්රිය අංගනයට හදිසියේ ගිය ජනපති කළ දේ..

කොළඹ, දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුව සහ මාලිගාවත්ත දුම්රිය අංගනය ජනාධිපතිවරයා අද (16) පෙරවරුවේ හදිසි නිරීක්ෂණයට ලක්කර තිබේ.

තෘප්තිමත් රැකියාවකට අවශ්‍ය පසුබිම සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැකසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර ඇත.

බඳවාගැනීමේ පටිපාටිවල ඇති ගැටලු හේතුවෙන් උසස්වීම්වල පවතින ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කරන ලෙස ද ජනාධිපති උපදෙස් දී ඇත.

ආයතනයන්හි දෛනික ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පවතින ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව සේවකයන්ගෙන් තොරතුරු විමසීය.

දුම්රිය එන්ජින් මැදිරි හා ගැල් පරීක්ෂා කර, සුදුසු පරිදි සකස් කර, ධාවනය සඳහා යොමු කිරීම ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය වේ.

එදිනෙදා කළ යුතු අලුත්වැඩියාවන් සිදු කිරීම, වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවන් යාන්ත්‍රික ඉංජිනේරු වෙත නිර්දේශ කිරීම, අලුතින් ධාවනයට එක්වන එන්ජිත් හා මැදිරි පරීක්ෂා කර යෝග්‍යතාවය සහතික කිරීම, දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය අනතුරු, පිලි පැනීම් හෝ වෙනත් ආපදාවක දී නැවත පිලි ගත කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම ආයතනයේ වගකීම් අතර වේ.

ධාවනයට යොදවන මැදිරිවල ඇතුළත හා පිටත පිරිසිදු කිරීම ඇතුළු සේවාවන් රැසක් ආයතනය මගින් සිදුකෙරේ.

කොළඹ පිහිටි ප්‍රධාන ධාවනාගාර 05ක්, අංගන 02ක් සහ කොළඹින් පිට තවත් ධාවනාගාර 15ක්පමණ දෙපාර්තමේන්තුව සතුය.

පුරප්පාඩු වන කාර්මික ශිල්පී රාජකාරී සඳහා කම්කරු කනතුරේ සේවකයින් යොදාගැනීම හේතුවෙන් සේවකයන් අතර අතෘප්ති කර තත්ත්වයක් උද්ගත වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.

දක්ෂතා ඇති තරුණ කම්කරුවන් ශ්‍රී ලංකා – ජර්මානු දුම්රිය අභිභ්‍යාස ආයතනය සහ වෘත්තීය පුහුණු ආනවලට යොමු කොට, පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කර ඒ අනුව නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන ලෙසක් ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here