Home දේශීය පුවත් නිවසකට ගිනි තැබූ මාතර සභාපති ඇතුළු තුනක් අධිකරණයට

නිවසකට ගිනි තැබූ මාතර සභාපති ඇතුළු තුනක් අධිකරණයට

0
නිවසකට ගිනි තැබූ මාතර සභාපති ඇතුළු තුනක්  අධිකරණයට

නිවසකට ගිනි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී මාතර මූලස්ථාන පොලීසියට භාරවූ මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක මහතාත් ඔහුගේ පුතාත් තවත් අයෙකුත් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

මොවුන් විසින් ගිනි තබා ඇත්තේ මාතර කැකනදුර පිහිටි නිවසකටය. ඒ ඉකුත් 14 වෙනිදාය.

සභාපතිවරයාගේ දියණිය සම්බන්ධයෙන් වූ ආරවුලක් මෙම ගිනි තැබීමට මුල්වී ඇති බවත් එම නිවසේ ජීවත්වන තරුණයෙකුව ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී මෙම ගිනි තැබීම කර තිබෙන බවත් උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here