Home උණුසුම් පුවත් මැදගමදී ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි පිට වෙඩි

මැදගමදී ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි පිට වෙඩි

0
මැදගමදී ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි පිට  වෙඩි

මැදගම මීගහවතුර මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු ත්‍රී රෝද රථයක රියදුරෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ත්‍රී රෝද රථ රියදුරුගේ ජීවිතයට එම වෙඩි තැබීමෙන් හානියක් සිදුව නැත. එහෙත් ඔහු වෙඩි වැදී තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත් කර ඇතැයි මැදගම පොලිසිය සඳහන් කරයි. ත්‍රී රෝද රථ රියදුරු වයස අවුරුදු 45 ක් පමණ වන අයෙකි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිවක් තොරතුරු හෙළිවී නැති බවත් සැකකරුවන් හඳුනා ගැනීමට විමර්ශන පවත්වන බවත් මැදගම පොලිසීය සඳහන් කරයි. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රිෙය්දීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here