තවත්
    මුල් පිටුවදේශීය පුවත්දෙදෙනෙකුට මරු කැඳවමින් කැබ් රථයක් ප්‍රපාතයකට

    දෙදෙනෙකුට මරු කැඳවමින් කැබ් රථයක් ප්‍රපාතයකට

    පෞද්ගලික දුරකතන සමාගමකට අයත් සම්ප්‍රේෂණ කුළුණක කඩත්තු කටයුත්තක් සඳහා කඳු මුදුණක් වෙත ගමන් කරමින් තිබුණු කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කිලෝ මීටරයක් පමණ වූ ප්‍රපාතයකට පෙරලීගොස් ඇතැයි ගලහා පොලීසිය කියයි.

    එම අනතුරින් කැබ් රථයේ ගමන් කළ රියදුරු සහ කාරිමික නිලධාරියා මිය ගොස් තිබේ.

    දෙල්තොට පට්ටියගමවත්ත උඩ කොටසේදී මෙම අනතුර වී ඇත්තේ ඊයේ (14) දහවල් කාලයේදීය.

    ඉතා දුෂ්කර මාර්ගයකින් කුළුණ පිහිටි ස්ථානයට ගමන් කළ යුතුව ඇති බවත් එම මාර්ගයේ ගමන් කිරීම ඉතා අවධානම් බවත් පොලීසිය සඳහන් කරයි.

    ගම්පොළ පදිංචිකරුවෙක් වන මෛත්‍රීපාල නැමැති තිස් හය හැවරදි රියදුරු සහ
    ගුන්නෑපානේ පදිංචිකරුවෙක් වන හතලිස් තුන්හැවරදි කාර්මික නිලධාරියා මෙසේ මිය ගොස් තිබේ.

    කැබ් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ගෙන් කිසිදු තොරතුරක් නොවූ තැන දුරකතන සමාගමේ නිලධාරින් ඊයේ සවස ඒ ගැන සොයා බැලීමේදී කැබ් රථය අනතුරට ලක්ව ඇතැයි හෙළිවී ඇත.

    ඒ අනුව පොලීසිය දැනුවත් කළ සමාගමේ නිලධාරීන් පොලීසියේ ද සහය ඇතිව ඊයේ සවස් කාලයේදීම අනතුර වූ ස්ථානයට සහන කණ්ඩායමක් සමඟ ගොස් තිබේ. කැබ් රථය වැටී තිබුණු ස්ථානයට ළගා වීමට ඔවුන්ට පැය කිහිපයක් ගතවී ඇති අතර මළ සිරුර ඉහළට ගෙන ඒමට දැඩි පරීශ්‍රමයක් දැරීමට සිදුවූ බව පොලීසිය සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img