තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවට ආ IMF ලොක්කා මුදල් ඇමති හමුවෙයි

    ලංකාවට ආ IMF ලොක්කා මුදල් ඇමති හමුවෙයි

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (14) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ නිලධාරියෙකු සමඟ සාකච්ඡා පැවැත්වූ බවට රොයිටර් පුවත් වාර්තා කරයි.

    IMF ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චැන්ග්යොන්ග්-රී මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ භාණ්ඩාගාර ලේකම් S.R. ආටිගල හමුවී සාකච්ඡා කළ බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

    සංචිත ඉහළ නැංවීමට සහ වර්ධනය තිරසාර මාවතකට ගෙන යා හැකි වැඩසටහනක් පිළිබඳව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී IMF සමඟ විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

    අද සාකච්ඡා වලදී, නිලධාරීන් IMF හි මෙරට ආර්ථිකය පිළිබඳ නවතම සමාලෝචනය සහ IMF විධායක අධ්‍යක්ෂවරුන් විසින් පෙබරවාරි අග පැවති IMF අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී දක්වා ඇති තක්සේරු පිළිබඳ විස්තර සාකච්ඡා කළහ.

    ඔහු හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත බවද එහි සඳහන් ය.

    “මේ වන විට අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නේ කෙසේද යන්නයි. නිශ්චිත යෝජනා පිළිබඳ සාකච්ඡා පසුව පැමිණෙනු ඇත,” යනුවෙන් ප්‍රකාශකයකු පැවසූ බවත් කැබිනට් මණ්ඩලයට සාකච්ඡා ගැන දැනුම් දෙන බවත් එහි දැක්විණ.

    පෙබරවාරි මාසයේදී සංචිත ඩොලර් බිලියන 2.31 දක්වා පහත වැටීමත් සමඟ ශ්‍රී ලංකාව ඩොලර් නියඟයකට ගොදුරු වී තිබේ.

    ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළු තීරණාත්මක ආනයන සඳහා ගෙවීමට රට අසීරු අරගලයක යෙදී සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img