තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැරොලයින් - චූලා - පුෂ්පිකා සමථ මණ්ඩලයට

    කැරොලයින් – චූලා – පුෂ්පිකා සමථ මණ්ඩලයට

    ලෝක විවාහක රූ රැජිනියක් වන කැරලයින් ජූලි, ශ්‍රී ලංකා විවාහක රූ රැජිනියක් වන පුෂ්පිකා ද සිල්වා සහ නිරූපන ශිල්පී චූලා පත්මේන්ද්‍රන් යන තිදෙනාට ලබන 19 වෙනිදා සමථ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.

    නෙළුම් පොකුණ රගහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේදී විවාහක රූ රැජින ලෙස තේරීපත්වුණු පුෂ්පිකා ද සිල්වා මහත්මිගේ කිරුළ ගලවා ඇයට තුවාල කිරීමට අදාල සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වූ කැරලයින් ජූලි සහ චූලා පත්මේන්ද්‍රන් අද (14) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල පුෂ්පිකාද සිල්වා මහත්මිය විසින් කුරුදුවත්ත පොලිස් ස්ථානයට යොමුකර තිබුණි.

    විවාහක රූ රැජින තරගය "2020" පැවතියේ 2021 වසරේ දීය. ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස එදින කිරුළ පළදින්නේ පුෂ්පිකා ද සිල්වාය. එම අවස්ථාවේදී වේදිකාව මතදීම කැරලයින් ජූලි සහ චූලා පද්මේන්ද්‍රන් ඇගේ හිසමත පැළදි කිරුළ ගලවා ඉවත්කරනු ලබන්නේ ප්‍රසිද්ධියේමය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img