තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුරිත කැඳල තබාගෙන හිඟුරක්ගොඩ වැසියා මුලතිවලින් අල්ලයි

    තුරිත කැඳල තබාගෙන හිඟුරක්ගොඩ වැසියා මුලතිවලින් අල්ලයි

    ආරක්ෂිත සත්ත්වයෙක් වන වැහිලිහිණියන්ගේ කූඩු රැසක් සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    හිඟුරක්ගොඩ පදිංචිකරුවෙක්වන මෙම සැකකරු 64 වියේ පසුවන්නෙක් බවත් ඊයේ අත්අඩංගුවට ගත් ඔහුව මුලතිව් පොලිස් ස්ථානයට භාරදුන් බවත් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    තුරිත කැදල ලෙස හදුන්වන ලිහිණි කූඩු ඇතැම් රටවල මිල අධික සුප් වර්ගයක් සකස් කිරීමට භාවිතා කරයි. ඒ හේතුව නිසා තුරිත කැදල කඩා ඒවා හොර පාරෙන් විදේශගත කිරීමේත් මෙරට ඇතැම් හෝටල්වලට අලෙවි කිරීමේත් ඡාවාරමක් ක්‍රියාත්මකය.

    මෙම කූඩු තනන්නේ වැහිලිහිණියා සිය ඛේටය යොදා ගෙනය.

    සත්ව සහ වෘක්ශලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 31 වන වගන්තිය අනුව ආරක්ෂිත පක්ෂියකු බැවින් එම පක්ෂියකු මරණයට පත් කිරීම, තුවාල කිරීම හෝ හානි කිරීම,පක්ෂියකුගේ කැදැල්ලක් විනාශ කිරීම හෝ බිත්තර විනාශ කිරීම මෙන්ම කැදලි විකිණීම සහ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමද වරදවල් වේ.

    මෙම වරදවල් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි වරදවල්ය.
    එම බලතල වනජීවී සංරක්ෂන දෙපාර්තුමේන්තුවට මෙන්ම පොලීසියද සතු වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img