තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලක්ෂ 25ක ‍ෆෝන් සොරාගත් 4ක් අල්ලයි

    ලක්ෂ 25ක ‍ෆෝන් සොරාගත් 4ක් අල්ලයි

    කාතන්කුඩියේ පිහිටි ජංගම දුරකතන අලෙවි ස්ථානයක් බිද රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා ජංගම දුරකතන 71 ක් සොරාගත් සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    මෙම සොරකම සිදුව ඇත්තේ ඉකුත් 03 වෙනිදා රාත්‍රී කාලයේදීය. කාතන්කුඩිට පොලීසියට මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේය.

    අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 19 ත් 50 ත් අතර පසුවන අක්කරෙයිපත්තුව සහ වරිපතන්චේන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    සැකකරුවන් සතුව තිබී සොරාගත් ජංගම දුරකතනවලින් 23 ක් සොයාගත් බව පොලීසිය කියයි.

    සැකකරුවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img