මුල් පිටුව විදේශීය පුවත් දේශපාලනය පුටින්ව මරන්න ෆේස් බුක් අවසර දෙයි

පුටින්ව මරන්න ෆේස් බුක් අවසර දෙයි

0

ෆේස් බුක් වෙබ් අඩවිය විසින් සිය වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති වෙනස් කරමින් රුසියානු ජනාධිපතිවරයාට, හමුදාවන්ට සහ රුසියානු ජාතිකයින්ට විරුද්ධව වෛරී ප්‍රකාශ සඳහා අවසර දී ඇතැයි වාර්තාවේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට ෆේස් බුක් වෙබ් අඩවියේ හිමිකාරිත්වය දරන මෙටා සමාගම විසින් එම සමාගමේ වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලීම්කරනු ලබන පිරිස් සඳහා විශේෂ ඊමේල් පණිවුඩයක් යොමුකරමින් මෙම අවසරය ලබා දී තිබේ.

අදාල ඊමේල් පණිවුඩය ඔස්සේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කො මරා දැමිය යුතු බවට කරන ප්‍රකාශ කිසිඳු අයුරකින් වෛරී ප්‍රකාශයක් ලෙසින් නොසලකන ලෙසට දැනුම් දී තිබේ.

“රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ අපි විසින් තාවකාලිකව සාමන්‍ය තත්ත්වයේදී පළකිරීමට අවසර නොදෙන දේශපාලනමය අදහස් පළකිරීමට අවසර දීමට පියවර ගත්තා. එහිදී සාමන්‍ය තත්ත්වයකදී රුසියානු ආක්‍රමණිකයන්ට මරා දැමිය යුතු යැයි පැවසෙන ප්‍රකාශ වලට ඉඩ නොදුන්නද මෙහිදී අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා. කෙසේ වුවත් අපි තවමත් රුසියානු ජනාතාව ඉලක්ක කරගෙන සිදුකරන වෛරී ප්‍රකාශ සඳහ පනවා තිබූ වාරණය එලෙසම ක්‍රියාත්මක වෙනවා” යනුවෙන් මෙටා සමාගමේ ප්‍රකාශක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ අතර රුසියානු රජය විසින් එරට අධිකරණයෙන් මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස නම් කරන මෙන් ඉල්ලා තිබේ. එසේම රුසියානුවන් විසින් ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසීම සීමා කරන මෙන්ද අදාල අංශ වලින් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

චමරු අමාසර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version