මුල් පිටුව විදේශීය පුවත් GOSSIP තරුණියන්ගේ කිහිල්ලේ දහඩියෙන් කෑම හදන ජපානයේ අලුත්ම රැල්ල

තරුණියන්ගේ කිහිල්ලේ දහඩියෙන් කෑම හදන ජපානයේ අලුත්ම රැල්ල

ජපානයේ මේ දිනවල අමුතුම ආකාරයට හැදෙන ආහාරයක් එරට අවන්හල්වල රැල්ලක් බවට පත්වෙමින් තිබේ.

ජපන් ජාතිකයන්ගේ පැරණිතම කෑම වර්ගවලින් එකක් වන, කෙටි කෑමක් වන නැවුම් ලෙස සකස් කරන ඔනිගිරි නැතහොත් රයිස් බෝල්ස් මෙලෙස ජපන් සූපශාස්ත්‍රය අමුතුම නව තලයකට ගෙන යයි.

මෙම ආහාරය ජපානයේ අතීත සමුරායිවරු යුධ පිටියට යද්දී පවා ගෙන ගිය බව කියන ආහාරයකි.

මෙම කෙටි ආහාරය සාමාන්‍යයෙන් සකසනු ලබන්නේ එළවළු සහ මාංශවල රසවත් සංකලනයකින් ආවරණය කරමින් පුරවා ඇති බත් බෝලයක් ලෙසයි. මෙය සාමාන්‍යයෙන් අතින් බෝලයක් ලෙස හෝ ත්‍රිකෝණකාරයෙන් සාදා කඩදාසියක් වැනි මුහුදු පැලෑටිවලින් සැකසූවකින් (සීවිඩ්) ඔතා ඇත.

නව රැල්ල වී ඇත්තේ එම බත් බෝලය හුරුබුහුටි තරුණියන්ගේ අත් යට දහඩියෙන් එය සකස් කොට අවසන් කිරීමයි.

ඔනිගිරි සෑදීමට පෙර, සියලුම අමුද්‍රව්‍ය සහ ඒවා ස්පර්ශ වන ශරීර කොටස් විෂබීජහරණය කරන බව එරට වාර්තා පවසයි.

ජපන් අවන්හල් තුළ මේ අලුත්ම ක්‍රමය ප්‍රවර්ධනය කරන අතර එම ආහාරය ඇනවුම් කරන පාරිභෝගිකයින්ට මෙය සකස් කරන ආකාරය සජීවීව නැරඹීමට ද ඉඩ සලසයි.

සමහර අවන්හල් විවෘතව මෙම ක්‍රියාවලිය ප්‍රදර්ශනය කරයි. ඔවුන්ගේ තරු සූපවේදීන් ආඩම්බරයෙන් මෙම අමුතු තාක්‍ෂණය ප්‍රවර්ධනය කරමින් පාරිභෝගිකයින්ට මුළුතැන්ගෙයට යාමට ඉඩදෙයි.

මෙලෙස අත්යට දහඩියෙන් සකස් කරන ලද ඔනිගිරි ජපානයේ ඇතැම් අවන්හල් අධික මිලකට අලෙවි කරන අතර ඒවා සාමාන්‍ය බත්බෝලයක මිලකට වඩා 10 ගුණයකින් මිලෙන් අධික බව කියැවේ.

මේවා ආහාරයට ගත් ඇතැම් පාරිභෝගිකයින් පවසා ඇත්තේ එහි රසයේ වෙනසක් නොමැතිි බවයි.

කුතුහලය දනවන කරුණක් නම්, විද්වතුන් විසින් පුද්ගලයන්‍ගේ කිහිලිවල ලිංගිකමය වැදගත්කම අධ්‍යයනය කර තිබීමය.

විදෙස් වාර්තා පවසන පරිදි, 2013 වසරේ සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ශරීරයේ එම ප්‍රදේශයේ දහඩිය සුවඳ යම් ආකාරයකට වෙනත් අයකු ස්පර්ශ කරන විට මිනිස් හැඟීම් වැඩිදියුණු කළ හැකි විශේෂිත ෆෙරමෝනයක් අඩංගු වන බවය.

කෙසේවෙතත් ජපානය යොමු වී ඇති මෙම අමුතු සූපශාස්ත්‍ර මිශ්‍රණය සමාජ මාධ්‍ය ජාල තුළ උණුසුම් සංවාදයක් ඇති කර තිබේ.

“මේවායෙන් කිහිප දෙනෙකුගේ විකෘති ආශාවන් තෘප්තිමත් කළ හැකියි, ඔවුන් සනීපාරක්ෂාව ඇතිව මෙය කරන තාක් කල් හානියක් නෑ.” එක් පුද්ගලයෙක් පැවසීය.

“එය පිළිගත නොහැකියි. හදන කෙනාට සැඟවුණු රෝගයක් තිබේ නම් මොකක් වෙයිද?” තවත් අයකු නඟා තිබූ ප්‍රශ්නයයි.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version