Home උණුසුම් පුවත් ශ්‍රී ලාංකීය ධීවරයින් 05 ක් සමඟ යාත්‍රාවක් ඉන්දියානු අත්අඩංගුවට

ශ්‍රී ලාංකීය ධීවරයින් 05 ක් සමඟ යාත්‍රාවක් ඉන්දියානු අත්අඩංගුවට

0
ශ්‍රී ලාංකීය ධීවරයින් 05 ක් සමඟ යාත්‍රාවක්  ඉන්දියානු අත්අඩංගුවට

ශ්‍රී ලාංකීය ධිවරයින් 05 දෙනෙක් රැගත් යාත්‍රාවක් ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ කන්‍යා කුමාරි වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට අනුව වෙරළ ආරක්ෂක අංශ සඳහන් කරනුයේ ඉන්දීය මුහුදු සීමාවේ ධිවර කටයුතුවල නිරතවීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට මුල්වී ඇති බවය.

ධිවරයින් සමඟ එම යාත්‍රාව මේ වනවිට තූත්තුකුඩිය වරාය වෙත රැගෙන ගොස් තිබේ. මෙම ධීවරයින් හලාවත සිට මුහුදු ගිය පිරිසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here