තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුද්ධිමය දේපළ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි

    බුද්ධිමය දේපළ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි

    සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) යනාදී මෙරටට භූගෝලීය පරිසරයට ආවේණික වටිනාකමකින් යුතුව සිදුකරන නිෂ්පාදනවල ව්‍යාජ අනුකරණයන් නැවැත්වීමේ අරමුණින් ඉදිරිපත්කළ බුද්ධිමය දේපළ (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

    වෙළද අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දැක්වූ භූගෝලීය දර්ශක ලෙස මෙම නිෂ්පාදන එනයින්ම ලියාපදිංචි කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් බුද්ධිමය දේපළ පනතෙහි ඇතුළත්ව නොතිබූ බැවින් ඒවා මෙතෙක් ලියාපදිංචිය සිදුවූයේ වෙළද ලකුණු විෂය යටතේ සහතික ලකුණු (Certificate marks) ලෙසය.

    මේ අනුව සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) , සිලෝන් පෙපර් ( Ceylon Pepper), සිලෝන් කැෂු ( Ceylon Cashew) වැනි නිෂ්පාදන ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන අතර එමගින් මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක් ස්ථාපනය වීමද සිදුවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img