
නිධානයකින් ලබාගත් රත්තරං බව පවසමින් ව්‍යාජ ලෙස සකස් කළ රන් කැබිලි ලබාදී රුපියල් ලක්ෂ 20 ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙක් වරකාපොල පොලීසියේ නිලධාරීන් විසින් වාරියගොඩ දී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 25 හා 38 වයස්වල පසුවන එම සැකකරුවන් දෙදෙනා අලව්ව සහ යක්කල පදිංචිකරුවන්ය.
මෙම සැකකරුවන් සතුව තිබී යකඩකැබලි පාට ගල්වා රන් ආකාරයට ව්‍යාජ ලෙස සකස් කළ කැබලි ග්‍රෑම් 731යි මිලි ග්‍රෑම් 240 ක්ද පොලීසිය සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයින් මේ ආකාරයට රැවටීමට ලක්කර ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. එහෙත් ඔවුන්ට එරෙහිව පැමිණිලි නොලැබී ඇති බැවින් මෙම වංචාව දිඟටම කරගෙන යාමට හැකියාව ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුට එරෙහිව රඹුක්කන පොලිස් වසමේ සිදුවූ මිනිස් ඝාතනයක් ඇතුළු අපරාධ 06ක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇතැයි පොලිසීය වැඩිදුරටත් සඳහන් කළේය.