ආර්ථිකය අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ ඊයේ ( 08) පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.
එබැවින් ඒ සම්බන්ධයෙන් කලබල විය යුතු නැතැයිද ඇමතිවරයා පෙන්වා දී ඇත.
ඩොලර් හිඟය හේතුවෙන් මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇතැයිද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පස්වරුවේ පැවැත්විණි .
කවුරුත් කුමක් ප්‍රකාශ කළද තමන් රජය සමඟ සිටින බවත්, රජයේ තීන්දු තීරණවලට අවංකව සහයෝගය දෙමින් පත්ව ඇති අර්බුදයෙන් රට ගොඩගැන්මට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සහයෝගය ලබාදෙන බවත් පසුපෙළ මන්ත්‍රීවරුන් මුදල් අමාත්‍යවරයාට පොරොන්දු වී තිබේ.
ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා හැර පසුපෙළ අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඊට සහභාගි වූ බව වාර්තා වේ.