තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු ජනාධිපති මෛත්‍රීගේ ආරක්ෂකයෙකුට පහරදුන් 05ක් අල්ලයි

    හිටපු ජනාධිපති මෛත්‍රීගේ ආරක්ෂකයෙකුට පහරදුන් 05ක් අල්ලයි

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී ආයතනයක වැඩසටහනකට සහභාගිවීමට එම රූපවාහිනී ආයතනයට අයත් පැලවත්තේ පිහිටි චිත්‍රාගාරයට පැමිණ සිටියදී බීමත් පිරිසක් විසින් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පහරදී තිබේ.

    පහරකෑමෙන් එම ආරක්ෂක නිලධාරියා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

    එම අවස්ථාවේදී සෙසු ප්‍රභූ ආරක්ෂකයින් පහරදුන් කිහිප දෙනා අතර සිටි දෙදෙනෙක් අල්ලා තලංගම පොලිස් ස්ථානයට භාරදී තිබේ. එම අවස්ථාවේදී පළාගිය තිදෙනෙක් අද සවස තලංගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත්කරන බව නිහාල් තල්දූව මහතා කීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 26ත් අතර පසුවන්නන්ය. ඔවුන් බත්තරමුල්ල, කොස්වත්ත, මත්තේගොඩ, මරදාන හා කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඒ අය අතර පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙකුගේ පුතෙක්ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩසටහනට සහභාගිවීමට චිත්‍රාගාරය තුළට ගොස් සිටියදී මෙම පහරදීම සිදුවී ඇත. එම අවස්ථාවේදී ප්‍රභු ආරක්ෂක රථ පෙල නතර කර තිබී ඇත්තේ මාර්ගයේය. පහරකෑමට ලක්ව ඇත්තේ එසේ මාර්ගය අයිනේ නතරකර තිබුණු වාහනයක ප්‍රභූ ආරක්ෂක රියදුරෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img