කින්නියා මහමාරු නඩඋත්තු සුනාමි ගම්මානයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට ඊයේ රාත්‍රිෙය් ටී 56 අවියකින් වෙඩිතබා යතුරුපැදියකින් පළාගිය තිදෙනෙක් කින්නියා පොලීසියේ නිලධාරීන් විසින් දැඩි පරීශ්‍රමයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
කින්නියා ප්‍රදේශයේම පදිංචිකරුවන් වන එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු මත වෙඩි තැබීමට යොදාගත් ටී 56 අවිය පතොරම්ද සමඟ නන්ඩුකුඩා කලපුව අසල සඟවා තිබියදී පොලීසිය සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් අවුරුදු 30 ,43 සහ 54 වයස්වල පසුවන්නන්ය.
මොවුන් තැබූ වෙඩි පහරවලින් අනෙත් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනාගේ ජීවිතයට හානියක් වී නැත. එහෙත් වෙඩි වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ ඔවුන් කින්නියා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යවා තිබේ.
පොලීසිය සදහන් කරනුයේ මෙම වෙඩි තැබීම දෙපාර්ශවයක් අතර ඇති පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවය. තුවාල කරුවන් කින්නියා කුටිටකරච්චි හී පදිංචි අවුරුදු 30ත් 33ත් අතර වයස්වල පසුවන්නන්ය.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.