තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපනයන වැඩි වැඩියෙන් කළ ආයතනවලටත් ඩොලර් වාසි

    අපනයන වැඩි වැඩියෙන් කළ ආයතනවලටත් ඩොලර් වාසි

    අපනයන ප්‍රගතිය මත පදනම් වූ දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් මෙම වර්ෂය එක් එක් කාර්තුව තුළ උපයන ලද අපනයන ආදායමට වඩා සියයට 10 ක අපනයන ප්‍රගතියක් ලබාගෙන ඇති ආයතන වෙත වැඩියෙන් උපයන සෑම ඩොලරයකටම රුපියල් 30 ක දිරිදීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

    • අපනයනකරුවන් මුහුණ පා සිටින අධික උද්ධමනය, දැඩි විදේශ විනිමය හිඟය, නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ සීමා සහ ඉහළ මෙහෙයුම් පිරිවැය වැනි දුෂ්කරතා අවම කර ගැනීමටත්, පසුගිය වර්ෂයේදී ලබාගත් අපනයන කාර්යසාධනය ඉක්ම වූ ප්‍රගතියක් මෙම වර්ෂය තුළ ලබා ගැනීමටත් හැකි වන පරිදි අපනයනකරුවන් දිරි ගැන්වීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    එකී යෝජිත දිරි දීමනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම මඟින් 2021 වර්ෂයේ අපනයන ආදායමට වඩා ඇමෙරිකානු ඩොලර් මිලියන 5,500ක අතිරේක ආදායමක් 2022 වර්ෂය තුළ ඉපයීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, පෙර වර්ෂයේ අදාළ කාර්තුවට සාපේක්ෂව අවම වශයෙන් 10%ක අපනයන ප්‍රගතියක් ලබාගෙන ඇති ආයතන වෙත යෝජිත දිරි දීමනා යෝජනා ක්‍රමය යටතේ පසුගිය කාර්තුවේ උපයන ලද අපනයන ආදායමට වඩා උපයනු ලබන සෑම ඇමෙරිකානු ඩොලරයක් සඳහාම රුපියල් 30/- බැගින් වන දිරි දීමනාවක් ගෙවීම පිණිස වෙ‍ෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img