තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුතුරාජවෙල කර්මාන්ත කලාපයෙන් ආයෝජකයන්ට ඉඩම්

    මුතුරාජවෙල කර්මාන්ත කලාපයෙන් ආයෝජකයන්ට ඉඩම්

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල කර්මාන්ත කලාපයේ පිහිටි ඉඩම් කොටසක් 30 වසරක බදු පදනමින් පුද්ගලික සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය.

    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි අක්කර 400ක භූමි ප්‍රදේශයක් මුහුදු වැලි පොම්ප කර සංවර්ධනය කර ඇත.

    එකී ඉඩමෙන් ඉඩම් කොටස් ගණනාවක් ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සඳහා රජයේ සහ පෞද්ගලික ආයෝජකයින් වෙත පවරා දී තිබේ.

    ශීතාගාර පහසුකම් සඳහා එකී ඉඩමෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඉමර්ජන්ට් කෝල්ඩ් (පෞද්ගලික) සමාගම විසින් ඉල්ලීමක් කර ඇති අතර එම ආයතනය අදාළ ඉඩම් කොටස ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ මූලික සුදුසුකම් සපුරා ඇති බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දැනුම් දී ඇත.

    ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය සඳහා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති අක්කර 04 රූඩ් 02 ක් වූ ඉඩම් කොටසක් වසර 30ක කාලයක් සඳහා දිගුකාලීන බදු පදනම මත එකී සමාගම වෙත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img