Home දේශීය පුවත් අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි 15000ක් ලැබිලා

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි 15000ක් ලැබිලා

0
අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පැමිණිලි 15000ක්  ලැබිලා

අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පවත්වා විමර්ශන අවසන් කිරීමට විමර්ශන මණ්ඩල 25 ක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

2016 අංක 14 දරන පනතේ විධිවිධාන පරිදි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කර ඇත.

එම කාර්යාලය විසින් මාතර, මන්නාරම, යාපනය, මඩකලපුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල ස්ථාපිත කර ඇති අතර එකී ප්‍රාදේශීය කාර්යාල වෙත අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පැමිණිලි 14,988ක් ලැබී ඇත.

පනතේ විධිවිධාන අනුව විධිමත් විමර්ශන පැවැත්වීමෙන් පසු අතුරුදහන් වු තැනැත්තන්ගේ ඥාතීන් වෙත වාර්තා නිකුත් කිරීම් ඇතුළු විශාල කාර්යභාරයක් අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත පැවරී තිබේ.

ඒ අනුව, එකී පැමිණිලි විමර්ශනය කර අවසන් කිරීම සඳහා විමර්ශන මණ්ඩල 25ක් පත් කර කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here