සමගි ජන බලවේගය කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට අද පිරිසක් විසින් විරෝධතාවයක් පවත්වා තිබේ.
හිටපු රජය බලයේ සිටියදී ජනතාව වෙනුවෙන් කළේ කුමක්ද යන්න දැන ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ඇතුළු පිරිසක් මෙම විරෝධතාවක එක්ව සිටි බව සඳහන් ය.
කාර්යාල පරිශ්‍රයට බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර එහි නවතා තිබූ වාහනවලද පුවරු සවිකර තිබූ බවයි වාර්තා විය.
පසුව පිරිස පරිශ්‍රයෙන් විසිර ගිය බව ද සඳහන් වේ.